එන්ජින් කාමරයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් ගිනිගෙන ආපදාවට පත් මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ ජීවිත බේරාගැනීමට වෙරළබඩ රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීම සඳහා නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව බරපතල ලෙස තුවාල ලබා සිටි ආපදාවට පත් නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම සැළසුම් කර ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කේආර්ජීආර්එස් රන්තැන්න මහතා වෙතත්, අනතුරට පත්ව ගිනිගනිමින් තිබු නෞකාව වෙත ඇතුළුවී තම ජීවිත අවදානම නොතකා නෞකාවේ ඉහල මාලයක් තුල බරපතල ලෙස තුවාල ලබා වැටී සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා රණරිසි නෞකාව වෙත රැගෙන ඒම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ලුතිනන් කේජීඒඑස්එම් විජේරත්න මහතා , නායක ඉංජිනේරු කාර්මික ඩීඑල්කේ මුදියන්සේ මහතා සහ බලනැවි ඩබ්ජීජීයූ සේනාරත්න මහතා යන නාවික පුද්ගලයන් වෙතත්, නාවික හමුදාධිපති විසින් ප්‍රශංසාත්මක ලිපි ලබාදී ඔවුන් සිදුකල සුවිශේෂී ක්‍රියාව මෙලෙස ඇගයීමට ලක් කරන ලදි.
මෙම නාවික පුද්ගලයන් විදහා පෑ වෘත්තිය නිපුණත්වය, අවංකභාවය සහ කැපවීම අනෙකුත් නාවික පුද්ගලයන් සඳහාද ඉතා හොඳ ආදර්ශයක් ගෙනදෙනු ඇත.