අද (22) මුදල් පනත් කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස ජාතිය ගොඩනැගීමේ බද්ධ සම්පූර්ණයෙන් ඉවත් කළ බවත් මීට අමතරව තවත් බදු සහණ රැසක් ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා බදු ප්‍රතිශතය 14% දක්වා අඩු කළ බවත් පෙන්වා දුන්නේය.
මීට අමතරව පෞද්ගලිකව ගෙවන බදුද විශාල අඩු වශයෙන් අඩු කිරීමට කටයුතු කළ බවත් මෙම සියළුම බදු සහණ මෙන්ම බැංකු පොළී අනුපාතද 6% 7% දක්වා අඩු කළ බවත්
තවද කොරෝනා වසංගතයෙන් පසු තවත් සහණ ලබා දුන් බවද පැවසීය.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටද මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දුන් බවද අමාත්‍යවරයා කීය. සංචාරක ක්ෂේත්‍ර යේ ආයතන වසා දමන්නේ නැති පරිදි පවත්වා ගැනීමට ඒ අයට අවශ්‍ය ශක්තිය රජය ලබා දුන් බවද පෙන්වා දුන්නේය.
තවද රන් භාණ්ඩ සම්බන්ධයෙන්ද වෙන්දේසි නොයා ජනතාවට එම සහණ ලබා දීමට බැංකු වලට උපදෙස් දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ වන විට ආර්ථිකය නැවතත් පිබිදීමකට ලක්ව ඇති බවත් රුපියල ස්ථාවර වී, පොළී අනුපාත ස්ථාවර වී කොටස් වෙළෙඳපොළ සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා වැඩි කලක් යාමට පෙරමෙම සියළුම යටිතල පහසුකම් දියුණු කර ගත හැකි බවද පෙන්වා දුන්නේය