මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආරක්ෂාව ලබා දීමට රජය කැප වී සිටිනවා- අමාත්‍ය චමල් රාජපක්ෂ

    සැප්තැම්බර් 23, 2020

    මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආරක්ෂාව ලබා දීමට රජය කැප වී සිටින්නේ යැයි වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    දැනට පොලිස් නිළධාරින් 38,000ක් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද ඇතැම් පොලිස් කොට්ඨාශ වල පොලීසියේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට හෝ පොලිස් නිලධාරින් නොමැති තත්වයක් උදා වී ඇති බවද පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩිපුර ඉල්ලා සිටින්නේ තමන්ට මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.


    ප්‍රජා පොලිස් ඒකක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අසන ලද වාචික ප්‍රශ්නයට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.


    සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාශයකම වසම තුළ ජීවත් වන ප්‍රජාවගෙන් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැමති සහ උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා උපරිම සාමාජිකයන් 30ක් වන සේ ග්‍රාමීය සුරැකුම් ලංකා පොලිස් ආරක්ෂක කමිටු පිහිටුවා ඇති බවත් එම කමිටු මගින් දැනුම්වත් කිරීමේ වැඩමුළු, නායකත්ව පුහුණු ඩෙංගු මර්ධන, පරිසර පවිත්‍රතා වැඩසටහන් ඇතුළු වැඩසටහන් සිදු කරන බව ගම තුළ මත් ද්‍රව්‍ය නිවාරණ වැනි වැඩසටහන් සඳහාද මෙම ප්‍රජා පොලිස් ඒකක යොදා ගන්නා බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya