එහිදී කඩදාසි භාවිතය අඩුකරමින් PAPERLESS ඔන්ලයින් ක්‍රමවේද භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නව රජය බදු ප්‍රතිපත්තිය සරළ කරමින් පහසුවෙන් බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ බවත් එමගින් කුඩා සහ මධ්‍ය පරිමාණ සෑම ව්‍යවසායකයකුටම පහසුවක් සැලසුණු බව පැහැදිළි කළ අමාත්‍යවරයා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ණය තොරතුරු කාර්යංශයට (CRIB) ණය ලබා දීමේදී එම ක්‍රමවේද සරළ කිරීමට සියළුම බැංකු සහ මූල්‍ය ආයතයන්ට උපදෙස් ලබා දී ඇති බවත් ණය තොරතුරු කාර්යංශයට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් පැවසීය.
නව කෙඩ්ට් රේටින් සිස්ටම් එකක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
කඩදාසි ආනයනය සඳහා 2015-2019 කාල සීමාව තුළ රුපියල් බිලියන 369කට ආසන්න මුදලක් වැය වී ඇති බවත් පරිසරය සහ තුරුලතා ගැන අවධානය යොමු කර ඇති මොහොතක පත්තර ඇතුළු බොහෝ ලිපි ලේඛන ඔන්ලයින් ක්‍රමයට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා ක්‍රමවත් ඉදිරි වැඩපිළිවෙළවල් කිහිපයක් ගැනීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පරිසරය ආරක්ෂා කිරීම සහ කඩදාසි ආනයන සඳහා යන විශාල මුදල අඩු කරගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාත්‍යන්තරව තරඟ කළ හැකි මට්ටමේ, ගුණාත්මක භාවයෙන් ඉහළ කඩදාසි නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ඇති කර ඇති බවත් කීය.