මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක්- රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ

    සැප්තැම්බර් 23, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් සහ වෙනම අමාත්‍යවරයෙක් පත් කර ඇති බවත් ඉදිරියේදී දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය  විජිත බේරුගොඩ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    දහම් පාසල් වල භෞතික සම්පත් මෙන්ම දහම් පාසලට නොඑන දරුවන් දහම් පාසලට ගෙන්වා ගැනීම දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා දහම් අධ්‍යාපනය , දහම් පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල කුමක්දැයි අද(23) පාර්ලිමේන්තුවේදී අසන ලද  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වර්ෂයකට එක් වරක් රු 5000/ බැගින් වූ දහම් පාසල් ගුරු දීමනාව ලබා දීම , ගුරු නිළ ඇඳුම් ලබා දීම, ගුරුවරු සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම, සාමාදාන  විනිශ්චයකාර තනතුරු පිරිනැමීම ,බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සමග එක්ව ඩිප්ලෝමා ලබා දීම ,පාලි භාෂා ප්‍රවර්ධන වැඩසටහන්, වෛද්‍යාධාර ලබා දීම වැනි වැඩසටහන් මේ වන විටත්  ක්‍රියාත්මක වෙන බව අමාත්‍යවරයා පැවසීය.


    දහම් පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් යෝජනා රැසක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බවත් ඒ අනුව දැනට ගෙවන රු 5000/- දීමනාව වැඩි කිරීමටත් , ඔවුන්ට දහම් පාසලට පැමණීම  සඳහා නිදහස් දුම්රිය සහ බස්රථ ප්‍රවේශ පත්‍ර හඳුන්වා දීම , දහම් පාසල් ගුරු භවතුන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම, ගුරු උපහාර වැඩසටහන් සංවිධානය කර ඔවුන්ගේ සේවය  ඇගයීම, මාසිකව රුපියල් 2000ක ගමන් වියදම් දීමනාවක් ලබා දීම, දේශීය වන්දනා චාරිකා සැළසුම් කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya