මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට

    සැප්තැම්බර් 23, 2020

    2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳව ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සභාව කල් තැබීමේ යෝජනාව ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ, 2020.08.05 දින පැවැත් වූ මහමැතිවරණය කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද ඉතා ආරක්ෂාකාරී ලෙස පැවැත් වූ බවයි. ඇප මුදල් අය කර ගැනීමේදී රු 2000ක් වැනි සුළු මුදලක් ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතු බවත් එහෙත් මෙම මුදල යාවත්කාලීන කළ යුතුබවත් පැවසූ මන්ත්‍රීවරයා නව තාක්ෂණය යටතේ ඉලෙක්ට්‍රික් වෝටින් ක්‍රමයක් සඳහා නියමු ව්‍යාප්පෘතියක් හෝ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

    එම යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා පැවසුවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මැතිවරණ කොමිෂන් සභාවේ ඝන පූර්ණයෙහි වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

    ඉන්දීයාව, බංගලාදේශය වැනි බොහෝ රටවල් අනුගමනය කරන විද්‍යුත් මැතිවරණ ක්‍රමයක් පැවැත්වීමට තවත් අපේ රට අපොහොසත් වී ඇතැයි විවාදයට එක්වෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පරිසරයට හිතකාමී මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී කටයුතු කළ බවත් ලංකාවේ ඡන්ද ක්‍රමය දූෂණය වන්නට ඉඩ නොදී හරියාකාරව ගමන් කරන නිවැරදි ඡන්ද ක්‍රමයක් බිහිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සභානායකවරයා පෙන්වා දුන්නේය.

    මිශ්‍ර ඡන්ද ක්‍රමයක් තුළින් මීට වඩා විශ්වාසනීය ක්‍රමයකට ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද එම ක්‍රමය ක්‍රියාත්මක කර ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙසද සභානායකවරයා ඉල්ලා සිටියේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya