මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් සිදු කරනවා- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    සැප්තැම්බර් 23, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 තුළදී සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් සිදු කරන බවත් ඒ පිළිබඳව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංශ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සමෘද්ධි සහනාධාරලාභී පවුල් සම්බන්ධයෙන් අසන ලද වාචික පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සමෘද්ධිලාභි පවුල් පිළිබඳව සියළු විස්තර මෙම ව්‍යාප්තියෙන් ලබා ගන්නා බවත් සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් පිළිබඳව අවසන් තීරණය ගන්නේ මෙම සමීක්ෂණයේ ප්‍රථිපල මත බවද අමාත්‍යවරයා කීය.

    පසුගිය රජය විසින් 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමෘද්ධිලාභින් සංඛ්‍යාව 25% දක්වා වැඩිකළ බවත් පවුල් 433,900 ක් , සමෘද්ධිලාභින් ලෙස 2019 වසරේ එක් වූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව 17,84082 දක්වා වැඩි වූ බවද පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya