ස්වාධීන කොමිෂන් සභා වලට සහය ලබා දෙන බවත් එම ආයතන ස්වාධීන වෙමින් තම කටයුතු කරන්නේ නම් ජනතාවගේ විරෝධයක් ඒ සඳහා එල්ල වෙන්නේ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය මහමැතිවරණ සමයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විනිවිදභාවයකින් කටයුතු කිරීමට හැදුවත් එහි සාමාජිකයින් ඔවුන්ගේ පක්ෂග්‍රාහී බව පෙන් වූ බව අමාත්‍යවරයා පැවසීය.
කොමිෂන් සභාවල ඇතැම් සාමාජිකයන් කටයුතු කළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් බවත් එබැවින් මෙම කොමිෂන් සභා කෙරෙහි පැවති විශ්වාසය කඩ වූ බවත් පෙන්වා දුන්නේය.
මෙම රට ආරාජික රටක් කළ මෙම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි පසුගිය මැතිවරණයේදී පොරොන්දු වූ බවත් එම පොරොන්දුව රජය ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.