අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහන යටතේ රසායනික පොහොර භාවිතය සීමා කිරීමට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිරි මහ කන්නය තුළ කුඹුරු හෙක්ටයාර 9193ක් සඳහා 30%ක් කාබනික පොහොර යෙදවීමටත් යෝජනා විය.
තම රජයේ මූලික අරමුණ ඉදිරි වසර04ක කාලසීමාව අවසන් වන විට රසායනික පොහොර 50%කින් අවම කිරීමට බලාපොරොත්තු වන බවයි. නයිට්‍රජන් භාවිතය ඌණනය කිරීම 2030 වසරේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරික වශයෙන් එකතු වි ඇති මෙහොතක දැනට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පාරම්පරික වී වගාවන් ආශ්‍රිතව ඉදිරි කන්නය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 126ක කාබනික පොහොර 100%ක් යෙදවීමටද අපේක්ෂිතය.
ලියාපදිංචි වී ඇති ප්‍රමිතිගත කාබනික පොහොර සමාගම් 03ක් දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය ප්‍රතිපූර්ණය කිරීම සඳහා තෝරා ගෙන තිබේ.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවිබල මණ්ඩල සභාපතිවරුන් කිහිප දෙනෙකුද මේ අවස්තාව සඳහා සහභාගි වි සිටියහ.