මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

      ග්‍රාම ශක්ති, සමෘද්ධි ඇතුළු දිළිඳු ජනතාව ඉලක්ක කරගත් වැඩසටහන් ඒකාබද්ධ ක්‍රමවේදයකට

    සැප්තැම්බර් 24, 2020

    ග්‍රාම ශක්ති, සමෘද්ධි ඇතුළු දිළිඳු ජනතාව ඉලක්ක කරගත් වැඩසටහන් ඒකාබද්ධ ක්‍රමවේදයකට ගෙන ඒමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි.


    සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් දිළිඳු ජනතාව නගා සිටුවීම සඳහා සිදු කෙරෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමේ අවශ්‍යතාව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි. එක් එක් ආයතන මගින් එක ම ජන කොටස ඉලක්ක කරගෙනිමින් සිදු කෙරන විවිධ වැඩසටහන් හේතුවෙන් සිදු වන්නේ ඔවුන් නගාටුවීම වෙනුවට අනවශ්‍ය මුදල් නාස්තියක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් සමග (23) බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති හමුවකට එක්වෙමිනි.

    දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අධ්‍යක්ෂවරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන රැසක් දිළිඳු සහ ග්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක අතර ඒ අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද මෙහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. විශේෂයෙන් ම ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක ග්‍රාම සේවා වසම් තුළ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සමග ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක හැකියාව සොයා බලන බව ද අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, අතිරේක ලේකම්වරුන් වන අශෝකා අලවත්ත සහ සී.ඩී. කළුආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya