පළමුව ආගමික වතාවත් සඳහා එක් වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සූවිසි විවරණ මන්දිරයට මල් කළඹක් පූජා කළේය.
ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියෝ මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වූහ.
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරෙය් විසි එක් වෙනි සංවත්සරය හා සිරි සුමංගලාභිධාන මහා නාහිමියන්ගේ 51 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත් වූ මෙම පිංකම් මාලාවේ දානමය පිංකම
සඳහා මහා නිකායික ස්වාමීන් වහන්සේලා 27 නමක් හා සංඝයා වහන්සේලා 300 නමක් වැඩම කළහ.