මෙම පිරිස කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමට පෙර නිවාඩු ලබා මෙරටට පැමිණි පිරිසක් වන අතර, ගුවන් ගමන් නවතා දැමීම නිසා නැවත පිටව යාමට නොහැකි වී තිබේ. කාර්යාංශයේ මැදිහත්වීම මත, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව හා කොරියානු තානාපති කාර්යාලය සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස නැවත පිටත් කිරිමට හැකි වූ බව කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 23,000ක් පමණ සේවය කරමින් සිටින අතර, රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ඔවුන් රැකියා සඳහා යොමු වූ අය වේ. ඉදිරියේදී තවත් පිරිස් මෙලෙස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට බලාපොරොත්තුවන අතර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට සකස් කරමින් තිබෙන බවද රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් වසංගතය අතරතුර මීට පෙරද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මියන්මාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් 160 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගියහ.