පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය
සමදාන විනිශ්චයකාරවරුන් විශාල සමාජ සේවයක් සිදු කරන බවත් ඉදිරියේ දී වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී ආපොස සාමාන්‍ය පෙළ සමත්වීම සළකා බලන අතර වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.
අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පමණක් සාමදාන විනිශ්චයකාර තනතුරු සඳහා බඳවා ගැනීම සුදුසු නොවන බවත් සමාජ සේවා කාර්යය ද සැලකිල්ලට ගෙන,සමාජ සේවය කරන ඒ සඳහා කැපවෙන,වේලාව තිබෙන අය තෝරාගැනීමට කටයුතු කරන බවද යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.