සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ්න මහතා විසින් අදාළ යෝජනාව සභාවට දැනුම් දෙනු ලැබූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ සම්බන්ධව විරෝධයක් ප්‍රකාශ කර සිටි අතර කාරක සභා අත්හිටුවීම වළක්වන්නැයි ඉල්ලා සිටියේ ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට භාර දී තිබෙන බවත් මේ පිළිබඳව සභාව විසින් තීරණයක් ගත යුතු බව සඳහන් කළේ ය.
ඒ අනුව සභාව එකඟතාවය පළ කළ අතර, ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමජිකයන් පත් කරන තෙක් අත් හිටුවීම සම්මත විය.