ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමින් සම්ප්‍රදායික ක්‍රම වලටම නතු නොවී භාවිතා කළ හැකි සියලු නවීන තාක්ෂණය භාවිතා නිවැරදිව සරලව ජනතාවට අවශ්‍ය පණිවිඩය කරමින් හැකි ඉක්මණින් ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය (Official SMS News Alerts) යළි සක්‍රීය කිරීමේ සමාරම්භක උත්සව සභාව අමතමින් කියා සිටියේය.
නිල SMS සේවාව මීට පෙර ක්‍රියාත්මක වුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නමින් බාහිර පාර්ශ්වයක් මඟින් වුවත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ උපදෙස් පරිදි අද (24) සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින්ම නිල පුවත් සේවාව ඩයලොග් සහ මොබිටෙල් මඟින් ක්‍රියාත්මක වන අතරම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුව නමින් යම් ප්‍රවෘත්තියක් ජනගත කරන්නේ නම් එය සම්පුර්ණයෙන්ම තහවුරු විය යුතු මෙන්ම නිවැරදි තොරතුරක් ද විය යුතු බවට නාලක කලුවැව මහතා අවධාරණය කර සිටියේය.
එමෙන්ම, ජනතාව පත් කරන ඕනෑම පවතින රජයක් වෙනුවෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ඉක්මණින් සන්නිවේදනය කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ ව්‍යවස්ථාපිත වගකීමක් බවත්, මේ වන විට සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් ඉතාමත් ක්ෂණිකව නිවැරදි තොරතුරු ජනගත කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නා බවත් මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.