මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සාකච්ඡා මට්ටමින් වන දේ යථාර්තයක් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රශංසාව පල කරනවා- ජනමාධ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 24, 2020

    අද ආරම්භ කරන ලද රජයේ කෙටි පණිවුඩ සේවාව ඉදිරි තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමට හොද පුර්වාරම්භයක් බවත්, සාකච්ඡා මට්ටමින් වන දේ යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ පවතින ඉතා හොද ලක්ෂණයක් බවත්, එය රටටම සහ අනිකුත් අමාත්‍යංශවලට පුර්වාදර්ශයක් බවත්,එය යථාර්තයක් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ පැවති රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය (Official SMS News Alerts) යළි සක්‍රීය කිරීමේ සමාරම්භක උත්සව සභාව අමතමින් කියා සිටියේය.

    එමෙන්ම, යම් කිසි කාර්යයක් පිළිබඳව සාකච්ඡා මට්ටමින් සිදු වන දේ දින රාමුව තුළ දීම කෙරෙන්නේ ද නැද්ද යන්න පිළිබඳවත් එකී කාර්යය නිශ්චිත දින වකවානුවල දීම සිදු කිරීම ඉතා වැදගත් බවත් මෙහි දී අවධාරණය කළ ඒ මහතා වර්තමානයේ විශාල ආන්දෝලනයකට ලක් ව තිබෙන 20 වන සංශෝධනය සහ 19 අහෝසියේ දීත් තොරතුරු දැනගැනීමේ පනතට අත නොතබන බව ද හෙතෙම අවධාරණය කළේය.

     

    කෙසේ වුව ද, රජයේ නිල කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් විශ්වසනීය, වගකීම් සහගත මෙන්ම නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කළ යුතු වන බවත්, බැරෑරුම් සහ වගකීමක් තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිළිබඳව රටේ ජනතාව තුළ පවතින පිළිගැනීම පලුදු නොවනාකාරයෙන් කටයුතු කිරීමට වගබලාගත යුතු බවත්, වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලේඛා පතිරණ, මොබිටෙල් ඩිජිටල් සේවා ජ්‍යේෂ්ඨ විධායක නිළධාරී මාරි රුවන්ගිකා පෙරේරා පුල්ලේ, ඩයලොග් අසියාටා නිෂ්පාදන කළමනාකාරිණි මධුෂා ගුරුගේ, ඩයලොග් අසියාටා කළමනාකාර රිෂාඩ් රිෆ්රි යන මහත්ම මහත්මීහු මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya