ඒ මහතා මේ බව පැවසූයේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
(24) දින වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3224 බවත් රෝගීන් 3129 සුව වී ඇති අතර රෝගීන් 182 ක් රෝහල්තගව ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය. එසේම බාහිර සමාජය තුළින් මේ වන විට කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවන බවත් වාර්තා වන සියලුම රෝගීන් විදේශයන්හි සිට පැමිණෙන නිරෝධායනය වෙමින් පවතින පිරිස් අතරින් බවත් ඒ මහතා මෙහිදී කීය. කෙසේ වුවත් මේ වන විටත් මෙරටින් කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති බවද සිහි තබා ගත යුතු බවද අවධාරණය කරන ලදී.
අද වන විට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ජනතාව තුළින් යම් මට්ටමකට ඈත් වෙමින් පවතින බවත් මෙය රට තුළ පවත්නා එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් මෙහිදී පැවසීය. එබැවින් ජනතාව නිරන්තරයෙන් මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සබන් යොදා අත් සේදීම යන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පෙර පරිදිම ජනතාව අනුගමනය කළ යුතු බව මෙහිදී කීය.
මාතර දිස්ත්‍රික්කය තුළින් කොරෝනා රෝගියෙකු වාර්තා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූයේ එම පුද්ගලයා රුසියාවේ සිට පැමිණි ගුවන් කණ්ඩායමට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවයි. ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් ඔහු යම් අවස්ථාවකදී සමාජයට ගොස් ඇති බව වාර්තා වූ බවයි. මේ වන විට ඔහුගේ සියලු ආශ්‍රිතයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කරගෙන යන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල ගෙන ඇති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති නොකර ගත යුතු බවද මෙහිදී පැවසීය.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මුල් දින කිහිපයෙහි ප්‍රදර්ශනය තුළ ජනතාවගේ යම් පාලනය කළ නොහැකි තත්ත්වයක් පැවති බවත් මේ වන විට යම් මට්ටමකට එම තත්ත්වය පාලනය වී ඇති බවයි. එසේම මෙම ප්‍රදර්ශනය සඳහා දෛනිකව විශාල ජනතාවක් පැමිණෙන බැවින් ජනතාව අතර සමාජ දුරස්ථභාවය තුළ යම් ගැටලුවක් පවතින අතර එම තත්ත්වයන් පාලනය කිරීමට ආරක්ෂක අංශයන් හට උපදෙස් ලබා දී ඇති බවත් සඳහන් කළේය.
යම් හෙයකින් මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් ප්‍රදර්ශනය අවලංගු කිරීමට වුවද සිදුවිය හැකි බව මෙහිදී අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසූයේ කොළඹ නගරය තුළින් මේ වනවිට සමස්ත රෝගීන් 148 ක් වාර්තා වූ අතර මැයි 01 වන දින අවසාන රෝගීයා වාර්තා
වීමත් සමග දින 148 පුරාවට කිසිදු රෝගීයෙකු වාර්තා නොවූ බවයි. මේ වන විට කොළඹ නගරය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 7014 ක් පමණ සිදු කර ඇති බවත් නිරන්තරයෙන් කොළඹ නගරය තුළ තෝරා ගත් පිරිස් අතරින් මෙම පීසීආර් පරීක්ෂණ අඛණ්ඩවම සිදු කරන බවත් ඒ මහතා කීය.
එසේම කොළඹ නගරය තුළ ප්‍රධාන හෝටල් පහක් නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යන බැවින් ඔවුන් නවාතැන් ගෙන සිටින එම පරිශ්‍රයන් පරිබාහිර පුද්ගලයන් සඳහා විවෘතව නොපවතින බවත් මෙහිදී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේය. ජන මාධ්‍යය තුළින් වාර්තා වන ඇතැම් රියැලිටි වැඩසටහන් හරහා කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් නොසලකා හරිමින් කටයුතු කරන බවක් පෙනී යන බව මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූයේ ජනතාව වෙත නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් කටයුතු කරන සමාජයට වගකිව යුතු ආයතනයක් වන ජනමාධ්‍ය තුළින්ද ඇතැම් විට වැරදි ආදර්ශ සපයන බැවින් එම තැන් නිවැරදි විය යුතු බවද මෙහිදී අවධාරණය කළේය.
එසේම මෙම තත්ත්වය කෙටි කාලයක් තුළදී පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම ජනතාව ලබා දුන් විශාල සහයෝගය මත බවද ඒ මහතා මෙහිදී සිහිපත් කළේය. එසේම අප අනෙක් රටවල්වලට සාපේක්ෂව මේ වනවිට නිදහස් ජීවිතයක් ගත කරන බවත් එය ඉදිරියට පවත්වා ගෙන යාමේදී මහජනතාවගේ සහය අත්‍යවශ්‍ය වන බවද ඒ මහතා පැවසීය.