යුරෝපයේ නිෂ්පාදිත රථ වාහන මෙරටට ගෙන්වා ඒවා ඕස්ට්‍රේලියානු රථ වාහන වෙළෙඳපොළට අනුගත වන ආකාරයට නැවත සකස් කොට ඕස්ට්‍රේලියාවට අපනයනය කරනු ලබන කඩුවෙල AUTO GROUP INTERNATIONAL ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට (24) දින ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා සහභාගී විය.
මෙම රථ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ඇති විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා නැවත සකස් කරනු ලබන සියලු වාහන අමතර කොටස් ආදිය දේශීය ඉංජිනේරුවන් විසින් මෙරට දී නිෂ්පාදනය කරනු ලබන ඒවා වීමයි.
ඒ අනුව, රටට විශාල විදේශ විනිමයක් රැගෙන එන ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ මෙවැනි කර්මාන්ත සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් එම කර්මාන්ත වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහි දී අවධාරණය කරන ලදී.