කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමු වූ ප්‍රථම නිල හමුව මෙය විය. නව පත්වීම් ලද පාකිස්තාන ආරක්‍ෂක උපදේශක වෙත සුභාශිංසන එක් කළ නාවික හමුදාධිපතිතුමන්, මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඇති දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පිළිසඳරක නිරත විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.