ශ්‍රී ලංකාවට සම්පතක් වන පින්නවල අලි අනාථාගාරය වැඩිදියුණු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට
පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
පසුගිය රජය දේශපාලන පළිගැනීම් අරමුණු කරගෙන ඇතැම් අලි අත්අඩංගුවට ගෙන පින්නවල අනාථාගාරයට දැමීම නිසා යම් යම් පරිපාලනමය ගැටළු පැන නැගී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රමාණුකූලව ආදායම මෙන් ම සංචාරක පැමිණීම ද අඩු වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් සඳහන් කළේ ය
අලුත් විදියට සිතා සෆාරි ක්‍රම වැනි දේ ඇති කළ යුතු බවත් හම්බන්තොට රිදියගම සෆාරි ක්‍රමය ඉතා සාර්ථක බවත් පැවසූ අමාත්‍යවරයා, මේ පිළිබඳව අවබෝධයක් ඇති පිරිස කමිටුවක් ලෙස පත් කර මේ පිළිබඳව අධ්‍යනය කරන බව අමාත්‍යවරයා පැවසීය.
අලින්ට දංවැල් නොදා නිදහසේ සිටිය හැකි ලෙස අක්කර 16ක භූමියක් සකස් කෙරෙන බවත් එහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් අලි පන්ති ලැගුම්පලවල් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් අමාත්‍යවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ය.
නොයෙකුත් හේතුන් නිසා පසුගිය සමයේ පින්නවල අලි අනාථාගාරයට විදේශිකයන් පැමිණීමේ අඩුවක් පැවති බවත් සංචාරකයිනගේ පහසුකම් වැඩි කිරීම සඳහා මේ වන විටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. සංචාරක අවන්හල්, නැරඹුම් මැදිරි ආදිය මේ වන විටත් ඉදිවෙමින් පවතින බවත් සංචාරක මගීන්ට පා ගමනින් ගමන් ගන්නා මාර්ග, මගී රථ, වැසිකිළි කැසිකිළි පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කීය. පින්නවල අලි අනාථාගාරය ඉදිරිපට නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් මිලදී ගෙන බැංකු පහසුකම්, අවන්හල් ඇතුළු සියළු පහසුකම් වලින් යුතු නව රථ ගාලක් ඉදි කිරිමට සැළසුම් කර ඇති බවත් වියළි කාළගුණයේ දී දැනට පවත්නා ජල සැපයුම් පද්ධතිය ප්‍රමාණවත් නැති බැවින් ඒ සඳහා නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීම සඳහා සැළසුම් කර ඇති බවද සංචාරක අමාත්‍යවරයා පැහැදිළි කළේය.