ඒ අනුව දැනට එක් දින කුකුල් පැටවකු අලෙවි වන රු.250 හා ඊට අධික මුදල රු.175/=ක උපරිම සිමාවට අඩු කිරීමට තිරණය කර ඇත.
තවද ඇතැම් ස්ථානවල අතර මැදියන් මෙම එක් දින පැටව් රු.350ට, 450ට අධික මිලකට විකුණන බව හෙලිව ඇති අතර එය නැවැත්වීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වහාම මැදිහත් විමට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම එක් දින සත්ත්ව පැටව් අභිජනන ගොවිපල වල සිට ග්‍රාමිය ගොවිපල දක්වා පැටවුන් බෙදීයන ආකාරය පිළිබඳව සටහන් වාර්තා වීමත් මෙතෙක් අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ සිදුවී නොමැත.
පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් යටතේ එය අධීක්ෂණය කර, දත්ත වාර්තාකර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදිමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දක්වා සිටියේය. ඒ අනුව අභිජනන ගොවිපල 34 ක සිට ග්‍රාමිය ගොවිපල දක්වා ප්‍රාදේශීය මට්ටමින් පැටවුන් බෙදීයන ආකාරය ඉදිරියේදී නිවැරදි ක්‍රමවේදයට අනුව සටහන් කිරීමට අපේක්ෂිතය. එමෙන්ම එමඟින් අතරමැදි කලුකඩ ව්‍යාපාරිකයන් ද හඳුනාගැනීමේ හැකියාවක් පවතී.
දැනට ලේයර්ස් (බිත්තර දමන) කිකිලි පැටවුන් මාසෙකට ලක්ෂ 8ක් පමණ කුකුලු ගොවිපල වෙත මුදා හැරෙන අතර ඒ සඳහා වාර්ෂික මව් සතුන් 80,000ක් පමණ ගෙන්වීම සිදුවෙයි. එය 85,000 දක්වා වැඩි කිරීමට ද සාකච්ඡාවේ දී එකඟතාවය පළවිය. ඒ අනූව පැටව් අභිජනන ගොවිපල සමඟ ඊට අදාළ කෝටා ක්‍රමය විනිවිදව සකස් කිරීමේ වගකිම ද දෙපාර්තමේන්තුවට පැවරිණ.
මහා පරිමාණ ව්‍යාපාරිකයාට හානි නොවන පරිදි දේශීය ග්‍රාමීය කුකුලු ගොවිපල රැකගැනිම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. එමෙන්ම කුකුලු ගොවිපල හිමියා රැකගෙන පාරිභෝගියාට අසාධාරණයක් නොවන පරිදි බිත්තර හා මස් මිලදී ගැනීමට අවස්ථාව උදාකරදිම සිදුවිය යුතුබව ද පෙන්වා ඔහු පෙන්වා දුන්නේය.
පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, අමාත්‍යාංශ ලේකම් එස් සේනානායක, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා ජාතින පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන් ද සියලු කුකුලු පැටව් අභිජනන ගොවිපල නියෝජිතයන් ද කුකුලු ගොවිපල සමිති හා නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.