කෝටි 40 ක් පමණ වටිනාකමකින් යුතුව වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බවට මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළ එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය 21 දා පත් කරන ලදී.
බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී පී එස් ජේ කුමාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වුයේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර විගණන කළමනාකරු ඉන්දික රණසිංහ, සපුගස්කන්ද පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකාර (විදුලි සහ උපකරණ) එල් ජී එම් ආර් පෙරේරා යන මහත්වරුන් මෙම කමිටුවේ සිටින අතර මෙම කමිටු වාර්තාව දින තුනක් ඇතුළත එනම් 2020.09.23 අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව මෙම යන්ත්‍රය පරික්ෂා කර බැලීම සඳහා අමාත්‍යවරයා මෙම චාරිකාවට එක්ව සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,
"2008 වර්ෂය වන විට ආණ්ඩුවෙන් ගෑස් නිෂ්පාදනය කරලා බෙදාහරින්න සමාගමක් නැති නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනවා ගෑස් ව්‍යාපාරය පටන් ගන්න. ගෑස් ව්‍යාපාරය පටන් ගන්න අරගෙන තියෙනවා පරණ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රයක්. මෙහිදී ලාෆ් ගෑස් සමාගම ශ්‍රේෂ්ඨධිකරණයට ගොස් කරුණු දක්වනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිෂ්පාදනය කරන ගෑස් වලින් සියයට සීයක් ෂෙල් සහ ලාෆ් සමාගම් සදහා ලබා දීමට එකගතාවක් පවතිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙයට පටහැනිව තමයි ගෑස් ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ කියලා.
ඒ එකගතාව නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත තමයි මේ යන්ත්‍රය භාවිතා කිරීම නතර වෙන්නේ. ඒ අවුරුදු එකොළහක පමණ කාලයක් මේ යන්ත්‍රය මෙසේ තිබෙනවා. එහෙම එකඟතාවයක් තිබෙන බව දනිමින් මේ යන්ත්‍රය මිලදීගැනීමට ගිහින් තියෙනවා මිලියන 25 ක් සහ අනිකුත් වියදම් ගිහිල්ලා තියෙනවා මිලියන 12ක්. එතකොට ඔක්කොම මිලියන37ක් මේ සදහා වියදම් කර තියෙනවා. මහජන මුදල් මිලියන 37ක් වියදම් කරල මේ වැඩේ කරේ ඇයි කියලා අපි හොයනවා. අධ්‍යක්ෂක මණ්ඩලය ද නොමඟ යවලා මිලියන 37 නාස්ති කරන්න කටයුතු කරවපු මේ මිලදී ගැනීම පිටුපස සිටියේ කවු ද කියලා අපි අනිවාර්යෙන්ම හොයනවා. ඒ වගේම රජයේ ආයතණයක් වන ලිට්ට්‍රෝ ගෑස් ඒකට අපි අරාධනා කරනවා මේ යන්ත්‍රය අරගෙන ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න කියලා.
දෙවනුව මේ තියෙනවා යැයි කියන එකඟතාවය මොකක්ද කියලා අප සොයා බැලිය යුතුයි? ගෑස් ව්‍යාපාරයක් තරගකාරී විය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. ලිට්ට්‍රෝ සමාගමත් අපේ සහෝදර සමාගමක්. නමුත් ඒ සමාගමට කිසිම අසාධාරණක් නොවෙන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද ගෑස් වෙළඳ පොළට පැමිණීමට තිබෙන බාධාව මොකක්ද කියලා සොයලා බලනවා. මොකද අපිට විශාල ගෑස් නිදියක් තියෙනවා. මගේ ඉලක්කය මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ලංකාව ගෑස් නිෂ්පාදනය කරණ රටක් බවට පත් කිරීමයි. ඒකට අවශ්‍ය මූලික පියවරවල් ගණනාවක් අපි අරගෙන ඉවරයි. මේ වන විට අපේ ලංකාව තුළ ස්වාභාවික ගෑස් ප්‍රතිපත්තියක් සදහා ඇමති මණ්ඩලය තුළ අනුමැතිය අරගෙන තියෙනවා. අද මම මෙතනට ආවේත් ඛනිජ තෙල් ගවේෂණ කාර්යාලයට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ උපදේශකවරයෙක් පත් කරලා. ලංකාවෙ තියෙන ගෑස් ප්‍රමාණය ගත්තම ඉන් ප්‍රයෝජන ගන්න පුළුවන් කාරණා හතරක් තියෙනවා. එනම්, විදුලිය නිෂ්පාදනය, ගෘහස්ථ පරිබෝජනය, වාහන දිවීම,කර්මාන්තශාලා වල අවශ්‍යතාවයි. මේ කාරණා වලට භාවිතා කිරීමේ දී අපේ යම් ප්‍රමාණයක් ලිට්ට්‍රෝ එකට දෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේත් ගෑස් සදහා තවත් තරගකාරී ආයතනයක් බිහි කර ගැනීමට.
මෙම අවස්ථාව සදහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාද එක්විය.