පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ජලාශය බහුකාර්ය ජලාශයක් ලෙස සැළසුම් කර තිබෙන බවත් පහළ ගංගා ද්‍රෝණියේ ගංවතුර පාලනයට, ගම්පහ,කොළඹ යන ප්‍රදේශවල ජනයාට පානීය ජලය නිෂ්පාදනය මෙන්ම , ජල විදුලි බලය නිෂ්පාදනයටද අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.
මෙහිදී අතුරු ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇසුවේ පසුගිය රජය කෑගල්ල, හොළොම්බව ඇතුළු ප්‍රදේශ වල ජනතාවට සිදුවන හානිය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නවතා දැමූ බවයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව මේ වන විටත් සමීක්ෂණය කරන බවත් සමීක්ෂණය අවසන් වනතුරු අවතැන් වන පවුල් සංඛ්‍යාව කිව නොහැකි බවයි.
ඉදිරියේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මේ පිළිබඳව දැන්ම්වත් කරන බව පැවසූ අමාත්‍යවරයා, ජනතාවට අසාධාරණය නොවන පරිදි සහ ජනතාවට ලබා දිය යුතු වන්දි ඉඩම් ලබා දෙමින් ජනතාවට සිදුවන හානිය අවම කරගනිමින් ජනතාව සතුටු වන ආකාරයෙන් මෙම කටයුතු කරන බවත් එම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේ සහාය මේ සම්බන්ධයෙන් ලබා ගන්නා බවත් සඳහන් කළේ ය.