විවාදය ආරම්භකරමින් සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පඩුවස්නුවර ජනතාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ඒ මහතා, කෘෂිකර්මාන්තයට දැක් වූ ආදරය නිසාම 1968 වර්ෂයේ ගොවිරජා බවට පත් වූ බවයි. 1977 දිවුල්වැව වෙල්යායේ පළමු වප්මඟුල් උත්සවය පැවැත් වූයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙනි.
වැව් අමුණු විශාල සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම, යන්ත්‍රානුසාරයෙන් වැව්වල රොන් මඩ ඉවත් කිරීම වැනි කෘෂිකර්මාන්තය නංවන වැඩසටහන් රැසක් එතුමාගේ මූලිකත්වයෙන් සිදු වූ බව සභානායකවරයා ශෝකයෝජනා විවාදය ආරම්භකරමින් පැවසීය.
පෞරාණික පඩුවස් නුවර රාජධානියේ පැරණි නටබුන් සුරක්ෂිත කිරීම, අනාගත පරපුර වෙනුවෙන් ,සැළසුම් සහගත පූජා නගරයක් බවට පත් කිරීමටත් එතුමා කටයුතු කළ බව සභානායකවරයා පෙන්වා දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.කලුබණ්ඩා රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 11 ක් විශාල සේවයක් සිදු කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක.පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේය. පඩුවස් නුවර දළදා පෙරහැර ආරම්භ කිරීම වැනි ආගමික මෙන්ම කෘෂිකාර්මික කටයුතු කෙරෙහි විශාල සේවයක් ඉටු කළ ඒ මහතා පාසල් ,බෙහෙත් ශාලා විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ආරම්භ කිරීමට කටයුතු කළ බවද කිරිඇල්ල මහතා කීය.
දශකයකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ප්‍රදේශයේ අඩු පාඩු නිරාකරණය කිරීමට අභාවප්‍රාප්ත කේ.බී.රත්නායක මහතා කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ශෝකයෝජනා විවාදයට එක්වෙමින් සඳහන් කළේය.