රුපියල් බිලියන 22ක වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘති, 14,021ක් වූ දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. ''සපිරි ගමක්'' වැඩසටහන මඟින් ජූලි මස අවසන් වන විට රු.මි 8005 ක වටිනාකමින් යුත් සමස්ත ව්‍යාපෘති 10,717 ක් සාර්ථකව අවසාන කර ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇත.
ගම සහ නගරය එකිනෙක යා කිරීම මගින් ග්‍රාමීය වෙළෙඳපොළ නගරය හා එක් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත්තේ ග්‍රාමීය මාර්ග අලුත්වැඩියාව සඳහා ය. ඒ අනුව මෙතෙක් ඉදිකර අවසන් වූ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව 2,158කි. එම මාර්ග පද්ධතිය පුරා විහිදී ඇති පාලම් සහ බෝක්කු 240ක් ද මේ වන විට ඉදිකර අවසන් ය. ස්වයං රැකියා වැඩිදියුණු කිරිම පෙර දැරිව සති පොළ හා වෙළඳ මධ්‍යස්ථාන 8 ක් ද, කෘෂි ගබඩා 24 ක් ද කෘෂිකර්මයට සෘජුවම දායක වන කෘෂි ඵලදාව වර්ධනය සඳහා ඉවහල් වන කෘෂි ළිං ව්‍යාපෘති 10ක් ද අවසන් කර තිබේ. මීට “සපිරි ගමක්” ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
අමතරව කිලෝමීටර් 73ක වාරි ව්‍යාපෘති අවසන් කර ඇති අතර නිම කර ඇති සුළු වාරි ව්‍යාපෘති සංඛ්‍යාව 14කි. ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම හා ජලය ආශ්‍රිත රෝග නිවාරණය පදනම් කර ගනිමින් නිම කර ඇති පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව 122 කි. තවද ග්‍රාමීය ජනතාවගේ පෝෂණය හා අධ්‍යාපන තත්වයන් පදනම් කර ගනිමින් ජනතා අයිතියට පත්ව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන හා පාසැල් සනීපාරක්ෂක ව්‍යාපෘති 126 කි.
මේ යටතේ එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 2ක් වෙන් කර ඇති අතර මෙහි දී පසුගිය වසර කිහිපය තුළ අවධානය යොමු නොවූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා වැඩි අවධානයක් යොමු කර ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක ''රට හදන සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගම සංවර්ධනය තුළින් ප්‍රාදේශීය මට්ටමේ විෂමතා අවම කරමින් ජනතාව මුල් කරගත් ආර්ථිකයක් බිහි කිරිම අපේක්ෂා කෙරේ.
හුදකලා වු ගම නගරය හා සම්බන්ධ කිරිමත් ඒ තුළින් මුළු රටම තනි ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරිමෙන් පහසුකම් සපිරි ජීවන මධ්‍යස්ථානයක් බවට ගම පත් කිරිම මෙහි අරමුණයි. ගම තුළ ප්‍රජාවගේ සහභාගිත්වය ඇතිව සැදුම් ලත් කමිටුවක් මගින් මුලිකව හඳුනාගනු ලබන ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය හා සමාජ ආර්ථික තත්වය නන්වාලීමට ඉවහල් වන ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම තුළින් ස්වයං රැකියා ජනනය කිරිම, කාන්තා හා තරුණ ශ්‍රමය ආර්ථික වර්ධනය සඳහා සෘජුවම දායක කර ගැනිම ද මෙහි ඉලක්ක අතර වේ.