වීරවිල වැව් ඉස්මත්තේ ඉදි කර ඇති මෙම හෝටල් සංකීර්ණය වර්ග අඩි 21000ක භූමියක පැතිර තිබේ. සුඛෝපභෝගී අවන්හල් ත්‍රිත්වයකින් යුතු මෙම හෝටලය කාමර 88කින් සමන්විතය.
සංචාරකයින්ට විවෘත වන හෝටලය ආරම්භ වූයේ සර්ව රාත්‍රික පිරිත් දේශනයකිනි.
මෙම හෝටල් සංකීර්ණය “Double Tree” සන්නාමය යටතේ හිල්ටන් සමූහයේ කළමනාකාරීත්වයෙන් සංචාරකයන්ට විවෘත වනු ඇත.
වීරවිල කුරුළු පාරාදීසය හා මත්තල ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටා ඇති මෙම හෝටල් සංකීර්ණය යාල, බූන්දල, උඩවලව වැනි සංචාරක ආකර්ශනයක් දිනා ගත් අභය භූමි සඳහා ඉතා කෙටි කාලයක් තුළ
ළඟා විය හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ සුව පහසු නවාතැන් පොළක් වනු ඇත.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ