ඇමතිවරයා මේ බව පැවසුවේ, (24) දිනයේ දි රත්මලාන පිහිටි කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා නිරික්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟලුම් සහ පාවහන් කර්මාන්තයට අයත් මානව සම්පත් පුහුණු කිරීමේ ආයතන අතර ප්‍රමුඛතම ස්ථානයක පවතින අතර මේ වන විට ඊට අදාළ පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා 80ක් පමණ පවත්වාගෙන යනු ලබයි. ඒ අතර NV 4 මට්ටමේ පාඨමාලා 07ක් ද වේ. සිය නිරික්ෂණයෙන් අනතුරුව ආයතනයේ ඉහළ නිලධාරින් සමඟ මෙම ක්ෂේත්‍රයට උපාධියක් පිරිනැමීමේ අවස්ථාව ඇත්දැයි පරික්ෂා කළ යුතු බව කීය.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අංශ වන කෙඳි කැටීමේ අංශය, රෙදි ගෙතුම් අංශය, රෙදි විවීම් අංශය, බතික් සහ වර්ණ ගැන්වීම් අංශය, පාවහන් හා සම්භාණ්ඩ අංශය, ඇඟලුම් කර්මාන්ත අංශය, විලාසිතා අංශය, කාර්මික තාක්ෂණ අංශය සහ තත්ව පරීක්ෂණාගාරය මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
ශ්‍රී ලංකාවේ පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් ආයතනයේ පස් අවුරුදු සැලැස්ම (2021-2025) සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහාශ්‍රිත ඇඟලුම් නිෂ්පාදකයන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මෙහිදී විමල් වීරවංශ මහතා වෙත පිළිගැන්වීම ද සිදු විය.
මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගෙන් සැදුම් ලත් ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන සාහිත්‍ය උත්සවයට සිය ආයතනය වෙත පැමිණි අමාත්‍යවයාට ඇරයුම් කිරීමට එම පිරිස කටයුතු කිරීම ය. මෙහි දී විමල් වීරවංශ මහතා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇරයුම පිළිගෙන එම ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දෙවන භාගය වන විචාරාත්මක ගීත සන්ධ්‍යාවට සහභාගී වීමට එකඟ විය.
මෙම අවස්ථාවට ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු, අමාත්‍ය මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික යන මහත්වරු සහ සියලු අංශ ප්‍රධානීහු එක්ව සිටිය