මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    නවීකරණය කරන ලද බන්ධනාගාර නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට

    සැප්තැම්බර් 26, 2020

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩිදියුණු කළ නිල වෙබ් අඩවිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් පසුගියදා විවෘත විය.


    බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර පද්ධතිය පිළිබදවත්, ඒ සම්බන්ධ පුවත් තොරතුරු සහ සේවාවන් පිළිබදවත් නිවැරදිව තොරතුරු ලබාගත හැකිවන පරිදි නවීකරණය කරන ලද නව වෙබ් අඩවිය www.prisons.gov.lk ඔස්සේ මහජනතාවට සෘජුවම සම්බන්ධවීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇති අතර බන්ධනාගාර සම්බන්ධව මහජනතාවට ඇති පැමිණිලි ද ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි නව වෙබ් අඩවිය සකසා ඇත.


    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන හා පාලන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි හා මෙහෙයුම් ටී.අයි උඩුවර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya