මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සියලු අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නව රජයට හැකියාව තිබෙනවා - රාජ්‍ය ඇමති ඩී. වී. චානක

    සැප්තැම්බර් 28, 2020

    සියලු අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නව රජයට හැකියාව තිබෙන බවත් සෞඛ්‍ය අංශ හා අදාළ නිර්දේශයන් ලබා දෙන්නේනම් පැය 12ක් තුළ සියළු ගුවන් තොටුපළවල් ගුවන් මෙහෙයුම් සඳහා සූදානම් බවත් ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.

    රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණය සහ අපට දරාගත හැකි රෝගීන් ප්‍රමාණය මත මෙම විවෘත කිරීම් තීරණය වන බවත් කොවිඩ් 19න් නිදහස් ගුවන් තොටුපළවල් බවට මෙරට ගුවන් තොටුපළවල් පත් කිරීමට තම අමාත්‍යාංශයට හැකි වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    මෙහිදී තවදුරටත් අදහස් දක්වන ඩී වී චානක මහතා, ගුවන්තොටුපළ හා බැඳුනු අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයයි. එය සම්පූර්ණයෙන්ම මේ වන විට අඩපන වී තිබෙනවා. දේශීය සංචාරකයන් තුළින් පමණක් සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අපහසුයි.ඒ සදහාද රජයේ අවදානය යොමු වි තිබෙන බවද පවසයි.

    2009 යුද්ධය අවසන් විමත් සමග විශාලතම වර්ධනයක් ලඟා කරගත්තේ සංචාරක ව්‍යාපාරයයි. එය වාර්ශිකව 20% වර්ධනයක් අත්කරගැනීමට හැකි උනා. 2012 දී නිව් යෝක් ටයිම්ස් සංචාරකයන්ට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරා. 2014 ලෝන්ලි ප්ලැනට් සංචාරකයන් සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරා. එහෙම තිබූ සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරයත් සමග බිමට සමතලා උනා.

    ජනාධිපතිතුමා පැමිණීමත් සමග සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න පියවර රැසක් ගත්තා. ඒ අතරට වැට් බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කළා. සංචාරක ව්‍යාපාරය නැවත හුස්ම ගන්න පටන් ගන්න විට මෙම ගෝලීය වසංගතය පැමිණියා. එය ගෝලීය උවදුරක්, අපි මේ සඳහා මුහුණ දීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් සිටිනවා.


    ඒ අනුව ක්‍රමාණුකූලව සංචාරකයන්ට මෙරට විවෘත කිරීමට අපේක්ෂා කරනවා. සමහරවිට එය කුඩා කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයන් වශයෙන් විය හැකියි. සෞඛ්‍ය නිර්දේශ හා අදාළ පාර්ශවයන්ගේ නිර්ණායක මත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගන්නා අතරම කොරෝන සමග අපගේ කටයුතු කරගෙන යාමටත් අප සූදානම් විය යුතුයි.


    සංචාරකයන් මිලියන 7ක් මෙරටට ගෙන්වා ගනිමින් රුපියල් බිලියන 10ක කර්මාන්තයක් බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කළා. මේ වසංගතය එන අපේක්ෂාවට අභියෝගයක් වුණා. අභියෝගය ජය ගැනීමට මෙරට සිටින දක්ෂම කෙනා රටේ නායකයා වී හමාරයි. එම නිසා මෙම සියලු අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය ඉහල නැංවීමට නව රජයට හැකියාව ඇතැයිද ඩී. වී. චානක අමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya