වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාතර කුඩාවැල්ල ධීවර වරාය වෙත පැමිණි ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එම යාත්‍රාවේ තිබී මෙම මුහුදු කූඩැල්ලන් කිලෝ 4540 ක පමණ ප්‍රමාණය සොයා ගැනීමට සමත්වූ අතර, එහිදී සැකකරුවන් 07 දෙනෙකු සමඟ අදාල ධීවර යාත්‍රාව සහ එහි තිබූ ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් මාතර, කෝට්ටේගොඩ, කඹුරුගමුව, සහ තලාතුඔය යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31ත් 55ත් අතර වයස් වල පසුවන්නන් බවට හදුනාගෙන ඇති අතර, අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, ධීවර යාත්‍රාව සහ ධීවර ආම්පන්න කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් කුඩාවැල්ල ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.