අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉකුත් (26) දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා අතර පැවැති ද්විපාර්ශවීය සමුළුව සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍යවෙත කරුණු පැහැදිළි කිරීම සම්බන්ධයෙන් අද ( 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව ඉතා සාර්ථකව පැවැති බව කීය.
මෙහිදී කොයිඩ් 19 සම්බන්ධයෙන් හා එය පාලනය කිරිම සඳහා ලබා ගත් ක්‍රියාමාර්ග,සංවර්ධනයේ සහයෝගිතාවය එහි එකමුතුකම,ආර්ථික දැක්ම,වෙළඳ ආයෝජන,ආරක්ෂාව හා ආරක්ෂක විධිවිධාන සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ,ධිවර ප්‍රශ්න මෙහි දි සාකච්ඡාවට ලක් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එසේම අධ්‍යාපනය හා මානව සම්පත් සම්බන්ධයෙන් හා සාමය හා වගවිම හෙවත් සංහිඳියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ බවත් එසේම දෙරටේ මිත්‍රත්වයට හානි නොවන අයුරින් ධිවර ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරිමට ද දෙරටේ අගමැතිවරු එකඟ වු බව ද ජනමාධ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එසේම ලබා දෙන සහන,මූල්‍යාධාර සමඟ ව්‍යාවස්ථා සංශෝධනය අතර කිසිදු අයුරකින් සම්බන්ධතාවයක් නොමැති බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියේ ය.