ඒ මහතා මේ බව කියා සිටියේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ශ්‍රී ලංකා අගමැති සහ ඉන්දීය අගමැති අතර සිදු කළ විශේෂ ද්විපාර්ශවිය සාකච්ඡාව සම්බන්ධව තොරතුරු දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එමෙන්ම, මෙම නීතිවිරෝධී ධිවරයින් සම්බන්ධ ගැටලුව දේශපාලනිකමය වශයෙන් සහ මිත්‍රත්වය මත විසඳීමට උත්සාහ ගැනීමට කටයුතු කරනු ලබන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙහි දී සිය අදහස් දක්මින් කියා සිටියේය.
පසුගිය 26 දා ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අතර පැවති ද්විපාර්ශවිය සාකච්ඡාවේ දී මෙම ධිවර ගැටළුව සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළ අතර එහි දී ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ආකාරයෙන් මෙරට මුහුදු සිමාවේ සිය ධීවර කටයුතු සිදුකරන ආකාරයේ වීඩියෝ කිහිපයක් ද ශ්‍රී ලංකා අගමැතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයාට පෙන්වීමට කටයුතු කළ බවත්, එය ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ බවත් මෙහි දී ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, ඉන්දියානු ධිවරයින් විසින් නිතිවිරෝධීව සිදු කරන ධිවර කටයුතු හේතුවෙන් සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් නිසා ලංකා මුහුදු සිමාව තුළ පවතින සම්පත් වලට ද දැඩි හානි සිදු වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමතිවරයා සමඟ ද සාකච්ඡාවක් පවත්වා මෙම ගැටළුවට විසඳුමක් ලබා දීම වෙනුවෙන් ද ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව ද ඩග්ලස් දේවානන්ද මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.