අද 28 දින රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට යන අතරවාරයේ අග්‍රාමාත්‍යතුමා රැගත් හෙලිකොප්ටරය ගොඩ බස්සන ලද්දේ රත්නපුර මුද්දූව ක්‍රීඩාංගණයටයි.
පාසල් දරුවන් රැසක් අග්‍රාමාත්‍යතුමා දැක ගැනීමට මුද්දූව ක්‍රීඩාංගණයට රොක් වී සිටියහ.
උත්සවයට යන ගමන මොහොතකට පමා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී සුමන මහ විදුහලේ දරුවන් ඇතුළු පැමිණ සිටි පාසල් දරුවන් සමඟ මොහොතක් ගත කළේය.
දරුවන්ගේ සුව දුක් විමසමින්, ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීමට අග්‍රාමාත්‍යතුමා ඒ අසල සිටි ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට උපදෙස් දුන්නේය.
උත්සවයට යාමට සැරසෙන අග්‍රාමාත්‍යතුමා වටකරගත් දරුවෝ එක පෙළට පෙළ ගැසෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ආශිර්වාද ලබා ගැනීමට වූහ.
“ඔයාලා හොදින් ඉගෙන ගන්න ඕන. අවශ්‍ය දේවල් අපි කරලා දෙන්නම්” යැයි අග්‍රාමාත්‍යතුමා දරුවන්ගේ මුවගට බලාපොරොත්තුවේ පහන් දැල්ලුවේය.