කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපෑලෙන් ලබා දුන් ඖෂධයක් හේතුවෙන් අසාත්මික තත්ත්වයට පත්වූ මීරිගම, වැවහේනේ පදිංචි 16 හැවිරිදි ලෙනින් නිරෝෂන් දරුවාගේ ඉදිරි සායන කටයුතු සිදුකර ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් දිලීප් හේරත් හා වෛද්‍ය ප්‍රසන්න රත්නායක මහතාගේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂයක මුදලක් (28) දින පෙරවරුවේදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පරිත්‍යාග කරන ලදී.
දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙනෙත් පාදා දීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා මැදිහත්වීමටත් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින දරුවා වෙනුවෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය නොපිරිහෙළා ඉටු කිරීමටත් තමා අදහස් කරන බව චන්න ජයසුමන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දරුවාගේ පියා වන කේ.කේ.අනිල් කුමාර මහතා සහ මව වන කේ.කේ.සුජාතා කුමාරි මහත්මියද සහභාගි වූහ.