විවිධ ප්‍රදේශ වලින් මහජනතාව මෙන්ම විවිධ සංවිධාන හා සමිති වලින් මහාමාර්ග වල වැඩ ආරම්භ නොකළ කොන්ත්‍රාත්කරුවන් ගැන මේ වන විටත් පැමිණිලි රාශියක් ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ප්‍රමාද කිරීමෙන් වැඩිපුර ගාස්තු පවා ගෙවීමට සිදුවන අතර නාස්ති වන්නේ මහජන මුදල් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙසේ මහජන මුදල් නාස්ති කරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව පොදු දේපල යටතේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබදවද සොයා බලන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.
2024 වර්ෂය අවසන් වන විට රටපුරා ව්‍යාප්ත වී තිබෙන කිලෝ මීටර් ලක්ෂයක ප්‍රධාන මාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග යනාදී සියලු මාර්ග වල සංවර්ධන කටයුතු අවසන් කර ඒවා ජාතික මාර්ග පද්ධතියට එක් කිරිම අතිගරු ජනාධිපතිතුමාගේ අභිලාෂය බැවින් මේ වන විට කොන්ත්‍රාත් ප්‍රධානය කර වැඩ ආරම්භ නොකළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබදව සොයා බලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.