ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් පිළිබදව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (28) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
බන්ධනාගාරගතවූවන්ගෙන් වැඩි පිරිස රිමාන්ඩ් සිරකරුවන් වන අතර ඔවුන්ගෙන් වැඩිපිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් බවත් ඉදිරි රස පරීක්ෂක වාර්තා අනුව ඔවුන්ව විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සැලසුම් සකස්කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට විශාල කාර්ය භාර්යක් පැවරෙන බවත් ඇමතිවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියාය.
කුමන හෝ හේතුවක් මත වරදකට යොමු වූ වැරදිකරුවන්ගේ වරදකාරී චර්යාවන්ට හේතු සොයා ඊට පිළියම් යෙදීම මගින් නැවත නැවත වරදට යොමුවීම වළක්වා ඔවුන් සමාජයට වැඩදායි යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට උත්සාහ ගන්නා ප්‍රජා පාදක විශෝධන නිලධාරීන්ගේ සේවය අගය කරමින් කතා කල රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලිය පිළිබදව මීට වඩා සමාජය, ප්‍රජාව දැනුවත් කල යුතු බව සදහන් කළාය.
ඒ සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම පළාත් පාලන ආයතන ආයතනවලද සහයෝගය ලබාගෙන පුළුල් ජනතා අවධානයකට යොමුකිරීම වැදගත්විය හැකි බව ඇමතිතුමිය මෙහිදී සදහන් කළාය.
1999 අංක 46 දරණ ප්‍රජා පාදක විශෝධන පණතට අනුව අවුරුදු 2කට වඩා අඩු බන්ධනාගාරගත කිරීමේ වරදක් සදහා අධිකරණය විසින් වරදකරු කරනු ලබන අවස්ථාවක අධිකරණය විසින් එවැනි වරදකරුවෙකු වෙත බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් හෝ දඩයක් නියම කිරීම වෙනුවට ප්‍රජා පාදක විශෝධන ආඥාවක් නිකුත් කළ විට ඔවුන් ඵලදායි පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරමින් නිවැරදිකරුවන් ලෙස සමාජගත කිරීමේ වගකීම ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවට පැවරෙන කාර්යයකි. වසර 20කට අධික කාලයක් මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ප්‍රජා පාදක විශෝධන
දෙපාර්තමේන්තුව දිවයින පුරා මහේස්ත්‍රාත් අධිකරණ හා සංචාරක අධිකරණ 125ක පමණ ප්‍රජා විශෝධන ක්‍රියාවලිය සිදුකරනු ලබයි.
මෙම සාකච්ඡාව සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.පී.එස්.සමන් කුමාරි, සහකාර කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ ප්‍රජා පාදක විශෝධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.