මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මාස 04 ක කාලයක් සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 25,000ක ආරක්ෂිත තොගයක්

    සැප්තැම්බර් 29, 2020

    සෑම වසරකම වසරේ අවසාන මාස කිහිපයේ සහල් මිල විශාල වශයෙන් ඉහළ යන බවත් මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළ බවත් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා මේ වසරේ ඔක්තොම්බර් මස සිට ලබන වසරේ ජනවාරි දක්වා (2020 ඔක්තොම්බර් - 2021 ජනවාරි) මාස 04 ක කාලය සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 25,000ක ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

     

     

    ඇතැම් ව්‍යාපාරිකයන් මෙම කාල සීමාවේ සහල් තොග සඟවා තබා ගෙන වැඩි මිල ගණන් වලට විකුණීම පිළබඳ චෝදනා පවතින බව පැවසූ අමාත්‍යවරයා ඊට විසඳුමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බව පැහැදිළි කළේය.

    ඒ අනුව සතොස විසින් මෙට්ට්‍රික් ටොන් 25,000ක අරක්ෂක සහල් තොගයක් පවත්වා ගැනීමට සහ වෙළඳපොළ මිල ඉහළ යන අවස්ථාවලදී එම තොග නිදහස් කිරීම මගින් සහල් මිල පාලනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya