මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    පරිසර පද්ධතියට හා සුන්දරත්වයට හානි නොවන පරිදි ''මීමූරේ'' මාර්ගය සංවර්ධනය කරනවා - මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    සැප්තැම්බර් 30, 2020

    රට හදන සෞභාගයේ දැක්ම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමණාකාරනය යටතේ මීමුරේ වන රක්ෂිතයට හානි නොවන පරිදි හුන්නස්ගිරිය - මී මුරේ - දඩුපොල මාර්ගය සංවර්ධනය කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පල කළේ,මධ්‍යම පලාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයාබැලීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මැතිතුමාගේ සංකල්පයක් වන සංචාරක පුරවර සදහා පිවිසෙන මාර්ග සංවර්ධනය කිරීම හා අබලන් මාර්ග ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිලිවෙල යටතේ හුනස්ගිරියේ සිට මීමුරේ දක්වා මාර්ගයේ කොබට් ගැප් සිට මී මුරේ දක්වා කිලෝමීටර 19 ක් ද කුඹුක්ගොල්ල සිට වෙඩිලුණුගුහාව දක්වා කිලෝමීටර 4ක් සහ මීමුරේ සිට දඩුපොල දක්වා කිලෝමීටර 2.5 ක් ද සංවර්ධනය කිරීමට මේ වන විට ඇස්තමේන්තු සකස් කොට අවසන්ය. මෙම ව්‍යාපෘතියේ සමස්ථ දුර කිලෝමීටර 25.2කි. මේ ව්‍යපෘතිය සදහා රුපියල් මිලියන 250 පමණ වැයවේ.

     

    මීමුරේ වන රක්ෂිතයට, පරිසර පද්ධතියට හා ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන අයුරින් මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මාර්ගයේ ඉදිකීරීම් කටයුතු ආරම්භ කරයි. තනි මංතීරුවේ මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කරන මෙම මාර්ග වෙනුවෙන් කිසිදු ගසක් නොකපන ලෙස අමාත්‍ය වරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

     

    දේශීය හා විදේශිකයන්ගේ ආකාර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්‍රවේශ වීමට ඇති මෙම මාර්ග සංවර්ධන කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් වන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya