රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩබලන) ශාමිණි අත්තනායක, සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, මහාචාර්ය ධනපාල විජේසිංහ, මහාචාර්ය වසන්තා සුබසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු සහ සමාජ සංවර්ධන ආයතනයේ නිලධාරීහු පිරිසක් ඊට සහභාගි වූහ.
ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සමාජ සවිබලගැන්වීම යන තේමාවම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන අතර ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ප්‍රධාන කාර්යභාරය තම අමාත්‍යාංශ වෙත පැවරී ඇති බවයි. මේ වන විට සමාජ ක්‍රියාකාරකම්වලින් ඈත් වී සිටින තරුණ පරම්පරාව ඒ සඳහා එක්කර ගැනීමේ අවශ්‍යතාවයත්, පවතින සමාජ සංවර්ධන පාඨමාලාවන් අදට වඩාත් ගැළපෙන ආකාරයෙන් සකස් කිරීමේ අවශ්‍යතාවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.