ඊට සමගාමීව සමස්ත රටම දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
වයඹ පළාතේ වන්නිගම, සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී වයඹ පලාත් කිරි ගොවීන්ගේ ගැටලු හඳුනා ගැනිමේ සහ විසදුම් සෙවීමේ හමුවක් පැවැත්වුණු අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, කිරි ගව පාලනය ආදි කාලයේ සිට අපේ ජනතාවගේ ආගම, සංස්කෘතිය හා බැඳුනු දෙයක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අනුරාධපුර යුගයේ සිට අප රටේ කිරි ගව පාලනය ඉතාමත් ඉහළ මට්ටමක තිබිලා තියෙනවා. ඒ කාලයේ දී කිරි ගවයා පූජනීය තත්ත්වයෙන් සලකලා තියෙනවා. 1505 සුද්දා මෙරටට ආවයින් පසුව අපගේ සංස්කෘතියත් ආගමත් සමඟම, කිරි ගව පාලනයත් විනාශ කළා. නමුත් ඉන්පසු පැවති සෑම දේශපාලන පක්ෂයක්ම, සෑම රජයක්ම මෙම ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරිමට සක්‍රීයව දායක වුණේ නැහැ.
නමුත් වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන”සෞභාග්‍යයේ දැක්ම- කිරෙන් සපිරි රටක්” මඟින් කිරි ගව සම්පත නගා සිටුවීමට වැඩපිළිවෙලක් සකසා තිබුණා. එහි අර්ථය අපගේ දේශය කිරෙන් ඉතිරේවා යන්නයි. ඒ අනුව අපේ ගව සම්පත වැඩි දියුණු කරලා, වැව් අමුණු ඇල දොලවල් සංවර්ධනය කරලා, තණ බිම් ටික සශ්‍රීකව වැඩි දියුණු කලොත් අපට අපගේ අරමුණ කරා යන්න පුලුවන්. අපගේ ක්ෂේත්‍රෙය් පළවෙනියා වෙන්නේ ගොවි මහත්වරු. ඉතින් ඒ අයට හොඳට සළකලා බලා ගත්තොත් අපිට මෙය දියුණු කරන්න පුලුවන්. ඒ වගේම අපගේ
එළදෙනට හොඳට සළකන්න ඕනේ. වෙලාවට වතුර ටික, ආහාර ටික ලබා දීලා උන්ට ආදරය, සෙනෙහස දක්වන්න ඕනේ. බුද්ධ වචනය අනුව අන්‍යයන්ට අපි සලකලා ගෞරව දැක්වුවහොත් නිතැතින්ම ඒ අය අපිට ගෞරව කරාවි යන සංකල්පය මත කිරි දෙනුන්ද අපිට වැඩි කිරි ප්‍රමාණයක් ලබාදේවි.
අපගේ ගොවි මහත්වරු, පශු වෛද්‍යවරු, සත්ව සංවර්ධන නිලධාරීන් වගේම අමාත්‍යාංශ නිලධාරින් ඇතුලු මම එක පවුලක් විදිහට හිතන්න, කටයුතු කරන්න ඕනේ. ඒ පවුලේ දුවා දරුවන්ට කරදරයක් වුනාම අම්මා තාත්තා ඒ ගැන සොයා බලන්න ඕනේ. එවා විසඳන්න ඕනේ. ඒ ප්‍රශ්න විසඳුවාම තමයි පවුලේ සමඟිය ඇති වී දියුණු වෙන්නේ.
වයඹ පලාත තුල දෛනිකව කිරි ලීටර 1,75,000ක් නිපදවනවා. එය ලංකාවේ දෛනික නිෂ්පාදනයෙන් 20%ක් පමණ වෙනවා. ඉදිරි වසර කිහිපය තුල එය ලීටර 3,50,000 කිරිමයි වයඹ පළාතේ ඉලක්කය. මෙහිදී පැමිණ සිටි ගොවියන් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළා.
මෙම අවස්ථාව සඳහා, අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක, අතිරේක ලේකම් (පශු සම්පත්) වෛද්‍ය නිරෝෂන් ගමගේ, පලාත් අමාත්‍යාංශ ලේකම් ගීතා ධර්මසිරි ඇතුළු නිළධාරීන් පිරිසක් සහ වයඹ පළාතේ කිරි ගොවියන් විශාල ප්‍රමාණයක් සහාභාගී වූහ.