ඇමතිවරයා මේ බව සඳහන් කළේ,දින (30)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.
මෙම ජාතික රුක් රෝපණ සතිය ඔක්තෝබර් 02 දින සිට රට පුරා ආරම්භ වන බව පැවසු ඇමතිවරයා, පාසල් දරුවන්, දහම් පාසල් දරුවන් හා ගොවිමහතුන් ඉලක්ක කර මෙම පැළ බෙදා දීමට කටයුතු කරන බවත්, ඊට පැළ මිලියන 02ක වෙන් කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.
ලබා දෙන සෑම පැළයකට ම අයිතිකාරයෙක් නම් කිරිමට බලාපොරොත්තු වන බව ද කී අමාත්‍යවරයා, මින් පෙර ලබා දුන් පැළ සම්බන්ධයෙන් නිසි නඩත්තුවක් සිදු කර තිබුණේ නම් මෙරට වනාන්තර වලින් පිරි රටක් වන බවත්,එසේ නොවිම නිසා මෙවැනි පියවරක් ගත් බවත් ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.