ඒ මහතා මේ බව කියා සිටියේ, පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව, නිවෙස් වල එකතු වන විද්‍යුත් අපද්‍රව්‍ය තැපැල් සතිය ක්‍රියාත්මක වන කාලය තුළ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා තැපැල් කාර්යයාල පරිශ්‍ර වලට ගෙනවිත් භාර දිය හැකි බවත්, එසේ ගෙනෙන ලද අපද්‍රව්‍ය රඳවා තබා ගැනීමට තැපැල් කාර්යයාල පරිශ්‍රයන්හි ඉඩපහසුකම් නොමැතිනම් අදාළ පළාත් පාලන ආයතනයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල හා සම්බන්ධ වී ස්ථානයක් සූදානම් කරගන්නා ලෙස සියලුම තැපැල් කාර්යයාල වලට උපදෙස් ලබා දී ඇති බවත් මෙහි දී රංජිත් ආරියරත්න මහතා මෙහි දී සඳහන් කළේය.
විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොවීම මඟින් මිනිසාට, සත්ත්වයින්ට මෙන්ම පරිසරයට සිදු වන හානිය අවම කිරීමේ අරමුණින් සංවිධානය වන මෙම වැඩසටහන දිවයින පුරා විහිදී පවතින තැපැල් දෙපාර්තමේන්තු ජාලය උපයෝගී කොට ගෙන ආරක්ෂක අංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යයාල, දිස්ත්‍රික් ලේකම් කාර්යයාල හා පළාත් සභා යන විවිධ ආයතන සහසම්බන්ධිකරණය කරමින්, මාධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් යුතුව, තැපැල් දෙපර්තමන්තුව සතු සමාජ වගකීම ඉෂ්ට කිරීමක් වශයෙන් මෙම කර්තව්‍ය සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව වශයෙන් ගත් කළ සාමාන්‍ය තැපැල් කටයුතු සිදු කරගෙන යන අතරම ධරණිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී තිරසාර සංවර්ධනය උදෙසා වූ කටයුතු ක්‍රියාත්මක කිරීමට සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර එකඟතාවයන් මත රාජ්‍ය ආයතන සියල්ලක්ම බැඳී සිටින බවත්, පරිසරයට සිදු කරන බලපෑම අවම කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව විවිධ වැඩසටහන් සිදු කරනු ලබන බවත්, මෙවර මෙරට පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීම වැනි කර්තව්‍යන් සඳහා තම දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් ලබා දුන් බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කර සිටියේය.