ඔහු මේ බව පැවසුවේ (30) සෞඛ්‍ය ප්‍රවර්ධන ශ්‍රවණාගාරයේදී කොවිඩ් 19 සම්බන්ධව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවේදී අදහස් දක්වමිනි.
ලෝකයේ කොවිඩ් 19 අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොවිඩ් ව්‍යාප්තිය, පාලනය කිරීම අතින් ලෝකයේ දෙවන ස්ථානය බවට අප රට සමහර ආයතන විසින් නම් කරද්දී අප කළ යුතු සහ අපට මගහැරුණු කරුණු සම්බන්ධව අවධාරණය කිරීම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රධානතම අරමුණ විය.
මේ දක්වා අප රටෙහි කොවිඩ් රෝගීන් 3300ක් පමණ වාර්තා වුණු බවත්, ඉන් බහුතරයක් රෝහල් වල ප්‍රතිකාර ලබා සුවවී පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 131ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේය. පසුගිය කාලසීමාව තුළ රජයේ සහ සියලුම අංශ සිදුකළ දායකත්වය මත කොවිඩ් රෝගය ලංකාව තුළ සාර්ථකව මර්දනය කළ හැකිවූ බවත්, මේ වන විට සමාජය තුළ කොවිඩ් රෝගීන් හමුනොවන නිසා ජනතාව තුළ කොවිඩ් සම්බන්ධව පැවති බිය පහව ගොස් සෞඛ්‍ය පුරුදුද කෙමෙන් ගිලිහෙමින් යන තත්ත්වයක් උදාවී ඇති බවද වෛද්‍යවරයා අවදාරණය කළේය.
නමුත් කොවිඩ් වසංගතය හමුවේ නතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍යය පුරුදු නිසා රෝහල් වලින් වාර්තා වන ශ්වසන රෝගීන් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති අතර ඒය යහපත් ප්‍රවණතාවයක් බවත් කොවිඩ් අවදානම ලෝකයෙන් තවදුරටත් පහව ගොස් නොමැති පසුබිමක ජනතාවද පෙර පරිදිම යහපත් සෞඛ්‍ය පුරුදු නිසිආකාරව පවත්වාගෙන යා යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අප රටෙහි කොවිඩ් 19 රෝගය සාර්ථක ලෙස පාලනය කළ අතර, ඒම පාලනය සදහා මුළු සමාජයම දායක වුණු බවත්,පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමට පෙර සිටම සූදානම් වෙමින් කාර්යය සාධක බලකායක් පිහිටුවමින් ඒ් සම්බන්ධව කටයුතු කිරීම වැනි රජය ගත් යහපත් තීරණද මෙම රෝගය සාර්ථකව මර්දනයට බලපෑ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය. අලුත් වෛරසය හදුනාගැනීමට අවශ්‍ය පී සී ආර් පරීක්ෂණ පහසුකම් අප රටෙහි පැවති අතර ඒම නිසා ඉක්මණින් රෝගීන් පරීක්ෂා කිරීමට හැකිවිය. රෝගියාගේ ආශ්‍රිතයින් සොයා ගැනීමට ක්ෂණික මෙහෙයුම් දියත් කළ අතර, ඉතාම ඉක්මණින් නිරෝධායන කටයුතු සදහාද යොමුකෙරුණි.
රාජ්‍ය බුද්ධි අංශයෙහි සාර්ථක දායකත්වයත් රෝග පාලනයට විශාල රුකුලක් විය. සාර්ථක නිරෝධායන කටයුතු සිදුකරමින් සමාජයේ සෑම අංශයකම විශාල දායකත්වයෙන් මෙම කොවිඩ් වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කිරීමට ඉඩ ප්‍රස්ථාව උදා විය. ඒලෙසම පිට රට වල සිරවී අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින්ද රජය විසින් මවුබිමට ගෙන්වාගනිමින් ඔවුන්ව නිරෝධායන කටයුතු සදහා යොමු කෙරුණු අතර මේ දක්වා ඒම කටයුතු සිදුවෙමින් පවතී. මෙම තත්ත්වය තුළ අප රටෙහි සමාජයෙන් අවසන් වරට රෝගියෙකු වාර්තා වන්නේ අගෝස්තු 02 වන අතර, ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම දරුණු තත්ත්වයක පවතින බැවින් යම් හෙයකින් නීත්‍යානුකූල නොවන ක්‍රමයකින් ඉන්දියාවේ සිට මෙරටට ආසාදිතයින් පැමිණියහොත් නැවතත් අප සමාජයෙහි රෝගය පැතිරීමේ අවදානමක් පවතී. ඒම නිසා නිරන්තරයෙන් සියල්ලන්ම පෙර පරිදි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට වෛද්‍යවරයා අවදාරණය කළේය.
ඒමෙන්ම මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් මී උණ, ඩෙංගු ආදී රෝග පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ඒ් පිළිබදවද ජනතාව අවදානයෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සිහිපත් කළේය.