ඔක්තෝම්බර් 01 වන දින ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා යාපනයට සම්ප්‍රාප්ත වීමට නියමිත වන අතර ඔක්තෝම්බර් 02 වන දින පළමු වැඩසටහන වශයෙන් යාපනයේ පිහිටි ලේක්හවුස් ශාඛා කාර්යාලය නිරීක්ෂණය කිරීමට නියමිතය.
දෙවන වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අමාත්‍යතුමන්, රාජ්‍ය අමාත්‍යතුමන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, තැපැල් හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්තුමන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් පිළිගැනීමෙන් අනතුරුව පෙගවග 08.30 සිට 12.30 දක්වා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දමිළ මාධ්‍ය පාසල් සිසුන් සහ ගුරුවරුන් 250කගේ සහභාගීත්වයේන් දමිළ මාධ්‍ය පාසල් ජනමාධ්‍ය වැඩමුළුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ පාසල් සිසුවාගේ කාර්යභාරය යන මාතෘකාව යටතේ මෙන්ම සමාජ මාධ්‍ය සහ එහි නව ප්‍රවනතා සහ අභියෝග යන මැයෙන් මෙම වැඩමුළුවේදී දේශන පැවැත්වෙනු ඇත.
අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් ලේක්හවුස් ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාව සිදුකරන අතරතුර දමිළ මාධ්‍ය පාසල් වැඩමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
වැඩසටහන අතරතුර අමාත්‍යතුමන්, රාජ්‍ය අමාත්‍යතුමන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, තැපැල් හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තුමන්ගේ පැමිණීම අපේක්ෂා කෙරේ.
පසුව අදහස් දැක්වීමෙන් අනතුරුව අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් සංකේතාත්මකව සිසුන් 10 දෙනෙකුට සහතික පත්‍ර ලබාදීමෙන් අනතුරුව අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් වැඩසටහනින් නික්ම යාම සිදුවේ.
එදින පෙරවරු 11.30 සිට 12.45 දක්වා යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් සුහද හමුවක් පැවැත්වීමටද නියමිතය.
පස්වරු 12.45 සිට 01 දක්වා අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් යාපනය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කරනු ඇත.
ඔක්තෝම්බර් 03 වනදා පෙරවරු 09.00 ට අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව අමාත්‍යතුමන්, රාජ්‍ය අමාත්‍යතුමන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, තැපැල් හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්තුමන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් හින්දු චාරිත්‍රානුකූලව දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ කාර්යමණ්ඩලය විසින් පිළිගැනීමට නියමිතය.
තුන්වන වැඩසටහන යටතේ එදිනම පෙරවරු 09.10 ට කිලිනොච්චි දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විවෘත කිරීම සහ කිලිනොච්චි දිස්ත්‍රික් මාධ්‍යවේදී හමුව පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පෙරවරු 10 ට වවුනියාව බලා පිටත් වීමට නියමිත අතර හතර වන වැඩසටහන වශයෙන් එදිනම පෙරවරු 11 සිට 12 දක්වා අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හමුව පැවැත්වීමට නියමිතය.
පස්වරු 12 සිට 12.30 දක්වා අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් වවුනියාව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය හා වවුනියාව දිස්ත්‍රික් රජයේ ප්‍රකාශන කාර්යංශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පස්වරු 12.30 ට වැඩසටහන් සමාප්තිය සිදුවනු ඇත.