රෝගාතුරුව වැඩ වෙසෙන කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් බැහැ දැක සුව දුක් විචාළ ජනාධිපතිතුමා උන්වහන්සේට නිදුක්, නිරෝගි සුව ප්‍රාර්ථනා කළේය.
අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ගංතුනේ අස්සජි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහ නිකායේ මහානායක පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ, අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, අමරපුර සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස, ධර්මපාලාරාම විහාරස්ථානයේ දී පිංකම සිදු කෙරිණ.
සිවිල් ආරක්ෂක බලකාය සංවිධාන කළ බෝධි පූජාව විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.
ධම්මාවාස නා හිමියන්ගේ උපන් ගම වන ගම්පහ, කොටුගොඩ ගම්මානය ආශ්‍රිත රන්නක්කා වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගොවි සමිතියේ නියෝජිතයන් කළ ඉල්ලීම නා හිමියෝ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියාර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ විහාරස්ථ දායක සභාවේ සමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.