දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම දායාදයයි. අපේ අනාගතය, අපේ ලෝකය ආදරණීය දරුවන් බව සිහිපත් කරමින් ලෝක ළමා දින ජාතික සැමරුමට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.
අද ඔබගේ තුරුළෙහි හිනැහෙන, අව්‍යාජත්වය කැටිකර ගත් මේ ආදරණී මුහුණු හෙට දවසේ අප රටේ අනාගතයයි. අනාගත ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන අපගේ ආදරණීය දුවා දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම අප සැමගේ වගකීමයි.
දරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති කාල වකවානුවක් තුළ ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය හා සෙනෙහස ලැබීමට ඇති අයිතිය සුරක්ෂිත වන සේ සියලු දෙමාපියන්, වැඩිහිටියන් පුමුඛ සමස්ත සමාජයම ක්‍රියා කළ යුතුය. ඊට අවශ්‍ය සදාචාරමය හා නෛතික පසුබිම සැකසීමට අප රජයක් ලෙස නිරන්තරයෙන් කැප වී සිටී.
නිදහස් නිවහල් රටක් තුළ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත හා පරිපූර්ණ ජීවිතයක් බවට පත් කිරීම සෑම දෙමාපියෙකුගේම ඒකායන අපේක්ෂාවයි. අපගේ අපේක්ෂාව වන්නේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලුවලින් පීඩා නොමැති පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට උරුමකර දීමයි. පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරමින් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත්, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා මානසික අවශ්‍යතා සපුරාලීමටත්, රජයක් ලෙස අපි කටයුතු කරන බව අවධාරණය කරමු.
ආදරණීය දුවේ පුතේ, ඔබ උපන් මේ යුගය ඉතාමත් අභියෝගමත් යුගයකි. ඒ අභියෝග මතින් ඔබට සුන්දර ළමාවියක් මෙන්ම සුන්දර රටක් නිර්මාණය කිරීමේ සෞභාග්‍යයේ දැක්මට අප මුලපුරා තිබේ. “අපේ රට-අපේ දෑතින්”තේමාවෙන් ඒ සුන්දර ළමා ලෝකය තැනෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.
සෞභාග්‍යමත් රටක් තුළ, රට වෙනුවෙන් සතුටින් ආඩම්බරයෙන් කැප වෙන පුරවැසියන් පිරිසක් ලෙස ඔබ අනාගත ලොවට පියමැණිය යුතු බව මාගේ විශ්වාසයයි. ඒ ඓතිහාසික යුගයේ ඔබත්, ඔබගේ නම ඉතිහාසයේ සටහන් කෙරෙන ආකාරයේ විශිෂ්ටයකුවීමට සිතා ගත යුතුය. ඒ සඳහා ඔබගේ බාල කාලය අර්ථාන්විතව යොදවනු ඇතැයි මම විශ්වාස කරමි.
ඔබට සුභ අනාගතයක් ..!!
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය