වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ දිනයේදී ලබාගත්තේය.
2010-2015 කාල වකවානුවේ එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුර හෙබවූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා, 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.
2018 මැයි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහ මහතා පසුගිය වසර 30ක කාලය තුළ ශ්‍රී ලංකා - රුසියානු ආර්ථික, සංස්කෘතික සහ මානුෂීය සබඳතාවන් ඉහළ දැමීම වෙනුවෙන් කැපවී කටයුතු කර තිබේ.
රුසියානු සමූහාණ්ඩුව,රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් (Order of Honor of the Russian Federation) ” වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනමා ඇත.
1983 වර්ෂයේදී රුසියානු - ශ්‍රී ලංකා පුර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වන සමන් වීරසිංහ මහතා එහි ප්‍රථම පන්තියේ ගෞරව උපාධිධාරියෙකුද වේ. ශ්‍රි ලංකා- රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයකි.