මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

      අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට එක්වෙයි

    ඔක්තෝබර් 02, 2020

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ, නෙළුම් පොකුණ රගහලේ පැවති රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 01 දින සහභාගී විය.

    අප රටේ ළමා පරපුරේ නිර්මාණ කුසලතාවයන් ඇගයීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමඟාමීව 19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබුණි.


    19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල - සමරු ග්‍රන්ථය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂක තරණි අනෝජා ගමගේ මහත්මිය විසින්  අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වූවාය.
    මෙම උත්සවයට සමඟාමීව වයස් කාණ්ඩ පහක් යටතේ පැවති චිත්‍ර තරගාවලිය ජයග්‍රහණය කළ දූ දරුවන්ට අග්‍රාමාත්‍යතුමා අතින් සහතිකපත් හා සම්මාන ප්‍රදානය කෙරිණි.


    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂක තරණි අනෝජා ගමගේ මහත්ම මහත්මීන්, කලාකරුවන්, දෙමාපියන්, දූදරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya