ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ පාලමේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ දායකත්වය ඇතිව ආරම්භ කරනු ලැබීය.
කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඉල්ලීමකට අනුව හපුගොඩ පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරිණි.
මෙම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාවගේ
දෛනික කටයුතු පහසු කරලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි.
මෙයට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල දෙහෙරගොඩ, කුරුවිට තලාවිටිය, ඇහැලියගොඩ ඉද්දමල්ගොඩ, බෝපත් ඇල්ල සහ එරත්නගොඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබීය.
මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා දිස්ත්‍රික්ක 25 න්ම යොජනා කැඳවූ අතර කුඩා පාලම් යෝජනා 5,000 කට අධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.
ලැබී ඇති යෝජනා ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර හතරක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ගම්වාසීන් සහභාගී වී සිටියහ.