උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී වෙරළ තීරයට පැමිණි සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ, ගෝනි මලු 19 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 902 කට (තෙත බර සහිතව) අධික තොගයක් සොයා ගන්නා ලදි. ඒ අනුව, අදාළ ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 22 ක් සහ 48 ක් වන මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමටත්, සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත භාර දිමටත් කටයුතු කරන ලදි. තවද, නිරෝධායනයෙන් පසු සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාවද ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.